Monday, October 27, 2014

සිරිත් මල් දමෙන් දිවියට අරුතක්



සිරිත් මල්දම
1)මහත් සෙත්                        වඩවන
සිරිත් මල්දම                         බලමින
සිරිත් හොඳ                        දැනගෙන
මහත් යසසිරි ලබනු        දෙලොවෙන

2)හොඳ ලෙස                      හැඳීමට
හොඳ සිත් ඕනෑ හැම                   විට
නරක සිත් ඇති                           විට       
නරකමයි සිදුවන්නේ              අපහට

3)නරක සිතකින්                      නම්
හොඳක් නොකළැකි             කිසියම්
හොඳක් නොකළේ                    නම්
උපන් ගතියෙන් නැත පලක්        නම්

4)පව් නම් නරක                                   මය
එයින් දෙලොවෙහි දුක                මය
පින් නම්උතුම්                          මය
එයින් දෙලොවේ මහත් සැප        මය

5)තමන් පණ ලෙස                    හැම
සතුන් ගැන සලකා                    පෙම
ඔවුන් දුටු                             විලසම
කරන් ආදර ගුණය             නොහැරම

6)බොරු කීම                      කැතමය
ගැරඩි කුණටත්                  නොසමය
ඇත්ත නම්                              කදිමය
මෙලොව රජ සැපටතත්        උතුමය

7)සුදු කෙළි                          පළකට
කොලහල කෙරෙන             තැනකට
තැබෑරුම්                             පළකට
යාම හොඳ නැත බලා             ඉදුමට

8)යම් කිසි                         ගෙදරකට
ගිය කළ ඕනැ                        කමකට
ඔවුන් නොම දැක                      ගෙට
ඇතුල් නොමවන් නොහොබි     සිරිතට

9)දනන් නිති                         ගැවසෙන
තැනින් කුඩ ඉහලා                      ගෙන
සැරෙන් බස්                             කියමින
ගමන් නොකරන් උඩගු             විලසින

10)ගුරු බස                          සැබෑමය
එය පිළිගැනුම                         යුතුමය
පඬි බසත්                               එයමය
එයින් දෙලොවෙහි මහත්       සැපමය                                                                                                                                                                                        

                                   

                       
                                                                                   

No comments:

Post a Comment