Monday, October 27, 2014

සිරිත් මල් දමෙන් දිවියට අරුතක්



සිරිත් මල්දම
1)මහත් සෙත්                        වඩවන
සිරිත් මල්දම                         බලමින
සිරිත් හොඳ                        දැනගෙන
මහත් යසසිරි ලබනු        දෙලොවෙන

2)හොඳ ලෙස                      හැඳීමට
හොඳ සිත් ඕනෑ හැම                   විට
නරක සිත් ඇති                           විට       
නරකමයි සිදුවන්නේ              අපහට

3)නරක සිතකින්                      නම්
හොඳක් නොකළැකි             කිසියම්
හොඳක් නොකළේ                    නම්
උපන් ගතියෙන් නැත පලක්        නම්

4)පව් නම් නරක                                   මය
එයින් දෙලොවෙහි දුක                මය
පින් නම්උතුම්                          මය
එයින් දෙලොවේ මහත් සැප        මය

5)තමන් පණ ලෙස                    හැම
සතුන් ගැන සලකා                    පෙම
ඔවුන් දුටු                             විලසම
කරන් ආදර ගුණය             නොහැරම

6)බොරු කීම                      කැතමය
ගැරඩි කුණටත්                  නොසමය
ඇත්ත නම්                              කදිමය
මෙලොව රජ සැපටතත්        උතුමය

7)සුදු කෙළි                          පළකට
කොලහල කෙරෙන             තැනකට
තැබෑරුම්                             පළකට
යාම හොඳ නැත බලා             ඉදුමට

8)යම් කිසි                         ගෙදරකට
ගිය කළ ඕනැ                        කමකට
ඔවුන් නොම දැක                      ගෙට
ඇතුල් නොමවන් නොහොබි     සිරිතට

9)දනන් නිති                         ගැවසෙන
තැනින් කුඩ ඉහලා                      ගෙන
සැරෙන් බස්                             කියමින
ගමන් නොකරන් උඩගු             විලසින

10)ගුරු බස                          සැබෑමය
එය පිළිගැනුම                         යුතුමය
පඬි බසත්                               එයමය
එයින් දෙලොවෙහි මහත්       සැපමය                                                                                                                                                                                        

                                   

                       
                                                                                   

Monday, October 20, 2014

වකුගඩු රෝගයෙන් රජරට බේරා ගනිමු

එදා එය වැව් බැඳි රාජ්‍යයයි.සහලින් රට සහලින් ස්වයං පෝෂිත කළ    මහා ධාන්‍යාගාරයයි.නමුත් අද රජරටට අත් ව ඇති ඉරණම ඛේදනීයයි.මන්ද රජරට දිනෙන් දින වකුගඩු අකරණිය නම් මාරයාට බිලි වීමයි.මේ සම්බන්ධව විවිධ පාර්ශවයන් විවිධ මත දැරුවද කිසිවෙකුත් එයට ස්ථිරසාර වූ විසදුමක් නොදනිත්.     උගත් පිරිස් පවසන අන්දමට මෙයට ප‍්‍රධාන හේතුව නම් ආසනික්, කැඞ්මියම් වැනි කෘෂිකර්මාන්තයේදි බහුලව භාවිතා වන පොහොර වල අඩංගු බැර ලෝහ භූගත ජලයට මහා පරිමානයෙන් කාන්දු වීමයි.තවද අනාරක්‍ෂිත පානීය ජලයද මේ සදහා හේතු වන බව මොවුන් පවසති.මීට වසර ගණනකට ප‍්‍රථම වකුගඩු රෝග වැඩිහිටියන්ට පමණක් සීමා වුවද දැන් තත්වය ඊට හාත්පස වෙනස්ය.මන්ද දැන් රෝගයට ගොදුරු වන්නන්ගෙන් බහුතරය කුඩා ළමුන්  වීමයි.මෙවැනි අදුරු අනාගතයක් රජරටට හිමි විය යුතුද?එසේ නම් තවත් බලා නොයිද රජරට සුරක්‍ෂිත කරනු වස් පෙළගැසෙමු.            

Sunday, October 19, 2014

CONTENT


(01) Location.
(02)History of Anuradhapura kingdom.
(03)Administration
(04)Climatic condition
(05)Aborigines of Anradhapura
(06)Irrigation & Landscape
(07)Occupations.
(08)Transport & Currency
(09)Modern Anuradhapura
(10)Importance of Anuradhapura